Home Top Ad

පිළිකා සඳහා ප්‍රතිකාරයක් අපට හමු වුවහොත් කුමක් සිදුවෙයිද?

ස්වේච්ඡා රෝගීන්  ලක්ෂ ගණනක් යොදාගනිමින් වෛද්‍ය පරීක්ෂණ දහස් ගණනක් සිදුකිරීමෙන් පසුව පිළිකා සඳහා ප්‍රතිකාරයක් අපට හමු වුවහොත් කුමක් සිදුවෙයිද? 

එම ප්‍රතිකාරය ක්‍රියාත්මක වන්නේ කොහොමද? අපි ජීවිත කීයක් බේරා ගනීවිද? අතුරු ආබාධ තිබේද? යන්න ඔබ බොහෝ දෙනෙක් අසනු නොඅනුමානයි....

ඔබේ ශරීරයෙ අැති සෛල ට්‍රිලියන ගණනක් නිරන්තරයෙන් පිටපත් කරගනිමින් සහ ස්වයං බෙදී යාමට ලක්වෙමින් නව සෛල සාදයි, ඒම නව සෛල මගින් පැරණි සෛල ප්‍රතිස්ථාපනය කර පැරණි සෛල ඉවත්වීමක් සිදුවේ. නමුත් පැරණි සෛලයක් ඉවත්වයාම ප්‍රතික්ෂේප කළ විට, එය අප පිළිකාව ලෙස හඳුන්වයි.
1971 දී රිචඩ් නික්සන් පිළිකාවට එරෙහිව ප්‍රතිකාර සෙවීම අාරම්භ කලා. අද අපි එය අවසානයක් කරා ගෙන ඒමේ අවසාන අදියරට පැමිණ තිබෙනවා.


 මේ දක්වා සිදුකරන ලද පිළිකා පර්යේෂණ මගින් පිළිකා රෝගීන්ගේ ජීවන තත්ත්වය සහ ආයු අපේක්ෂාවෙහි සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමට හේතු වී තිබෙනවා. ඒවගේම හඳුනාගත් පිළිකා සමහරක් 90% කට වඩා වැඩි සුව කිරීමේ අනුපාතයකට ගෙන ඒමට සමත්ව තියෙනවා.

එසේ වුවද, ලොව පුරා දෙවැනියට වැඩිම මරණ වාර්ථා වන්නෙ පිළිකා වලින්. 

2019 දී ඊස්රායල් ජෛව තාක්‍ෂණ සමාගමක් විසින් පිළිකා සදහා ප්‍රතිකාරයක් නිපදවා ඇති බව ප්‍රකාශ කළ අතර එය “පිළිකා ප්‍රතිජීවකයක්” ලෙස විස්තර කර ඇත. ඒම සමාගම පිළිකා සෛල මාලාවකට සම්බන්ධ විය හැකි අණුක විෂ ද්‍රව්‍යයක් නිපදවා ඇති අතර, ඒය පිළිකා සෛල සම්භන්ධවී විනාශ කරනබව පවසයි.

ඇත්ත වශයෙන්ම, මෙම ප්‍රකාශය බොහෝ ප්‍රශ්න මතුකරන්නක්. හොඳ සෛල නරක සෛල වලින් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර බැවින් පිළිකා ප්‍රතිජීවකය මගින් වැරදි ඉලක්කයට පහර දීමේ අවදානමක් ඇත. ඒසෙ වුවහොත් සිදුවන දෙය ගැන ඔබට සිතාගත හැකි නේද. නමුත් වඩා වැදගත් දෙය වන්නේ මෙම ප්‍රතිකාරය තවමත් මිනිසුන් මත අත්හදා බලා නැතිවීමයි.

තවත් ප්‍රතිකාර කරමයක් ලෙස පිළිකා සෛල විනාශ කිරීම සඳහා නිර්මාණය කර ඇති ස්වයං-නියාමන  නැනෝ අංශු හැදින්වන්න පුලුවන්.

මේ අතර, විද්‍යාඥයින් විසින් පිළිකා සෛල පෝෂණය කරන පෝෂ්‍ය පදාර්ථ  නතර කිරීම මගින් පිළිකා සෛල වර්ධනය වීම වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳවද අධ්‍යනය කරමින් සිටී. 

ඇත්තෙන්ම, මේ සියල්ල ප්‍රතිකාරයන් මිස පිළිකා සෑදීම වැලැක්වීමේ එන්නතක් නොවේ, මේවනවිටත් නව පිළිකා රෝගීන් බිහිවීම තවමත් සිදුවෙ. ඒයට හේතුව සමහර අය ඔවුන්ගේ නරක පුරුදු දිගටම කරගෙන යාමයි. දුම්පානය නතර කිරීමට හෝ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඔවුන් නැඹුරු නොවනතාක් නව පිළිකා රෝගීන් බිහිවීම සිදුවේ.

නවීන ඹ්ෂධ හා තාක්‍ෂණයට ස්තූතිවන්න අැමරිකා එක්සත් ජනපදය ලෝකයේ වැඩිම පිළිකා සුවකිරීමේ අනුපාතය ඇත. නමුත් ඒ සියල්ලම ඉතා ඉහළ මිල ගණන් යටතේ බොහෝ විට ඩොලර් සිය දහස් ගණනක් වැය කරමින් සිදුවේ.

කිසියම් සමාගමක් සාර්ථක පිළිකා ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවත්  එය ලාභදායී නොවන බවට අපට සහතික විය හැකිය. මෙම සොයාගැනීමෙන් ඇතිවන ආර්ථික බලපෑම් ලොව පුරා ඹෂධ සමාගම්වලට මෙන්ම විවිධ වෛද්‍ය වෘත්තීන් 70 ක පමණ පුද්ගලයින්ට බලපානු ඇත. 

මේනිසා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට පිළිකා සුව කිරීමට ප්‍රවේශයක් ලබාගැනීම පවා ඉතා අසීරැය, එයින් අදහස් වන්නේ පිළිකා සඳහා ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවත්  සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට ඒය මිලදී ගැනීමට හැකියාව ඉතා අඩු බවයි. 

පිළිකා සඳහා ප්‍රතිකාරයන් මිල අධික ලෙස පැවතීම මගිත්, තවමත් වෛද්‍ය ඉතිහාසයේ විශාලතම සන්ධිස්ථාන අතර පවතිනවා. ඒ කියන්නෙ පිළිකාව තවමත් අපිට අභියෝගාත්මක රෝගයක්.


පිළිකා සඳහා ප්‍රතිකාරයක් අපට හමු වුවහොත් කුමක් සිදුවෙයිද? පිළිකා සඳහා ප්‍රතිකාරයක් අපට හමු වුවහොත් කුමක් සිදුවෙයිද? Reviewed by Seekers Zone on June 03, 2020 Rating: 5

No comments