Home Top Ad

පෘථිවියේ ඔක්සිජන් සියල්ලම අතුරුදහන් වුවහොත්...

පෘථිවියේ ඔක්සිජන් සියල්ලම අතුරුදහන් වුවහොත් මොනවගෙ දෙයක් වෙන්න පුලුවන්ද. සදහටම නොවේ, තත්පර 5 ක් පමණ? ඒ කාලය අැතලත අපි හුස්ම රදවාගෙන සිටීවිද? වායුගෝලයට මොනවා වෙන්න පුලුවන්ද? පරිසරයට මොනවා වෙයිද? තත්පර 5 ක් වැනි කෙටි කාලයක්  ලෝකය ඔක්සිජන් වලින් තොර වුවනොත් මොනවද වෙන්න පුලුවන්.


ලස්සන ගැඹුරු හුස්මක් ගන්න. එයින් මොනතරම් තෘප්තිමත් බවක් දැනෙනවද? ඒ ඔක්සිජන් නිසා, ඔක්සිජන් වායුගෝලයේ දළ වශයෙන් 21% ක් පමණ වන අතර 78% ක් නයිට්‍රජන් පවතිනවා. එය අපේ වායුගෝලයේ ඇති බහුලම වායුව නොවුනත් එය වඩාත්ම වැදගත්. ඔක්සිජන් නොමැතිව, ශාක, සතුන්, ජලය සහ මිනිසුන් වන අපටද පැවැත්මක් නැහැ.

තත්පර 5 ක් කියන්නෙ ෙලාක‍‍  කාලයක් නොවෙයි. අපෙන් බොහෝ දෙනෙකුට හුස්ම ගැනීමකින් තොරව අවම වශයෙන් තත්පර 30 ක්වත් ඉන්න පුලුවන්, ඒනිසා තත්පර 5 ක්  ඔක්සිජන් නෑ කියලා ඔබේ ශරීරයට නොදැනෙන තරම්. ඔබේ හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි වගේ දැනේවි. නමුත් තත්පර 5 ක්  ඔක්සිජන් නැති වුනොත් මොනවද ෙවන්න පුලුවන්...

තත්පර 5 කින් පෘථිවිය සම්පූර්ණයෙන්ම වෙනස් ෙවන්න පුලුවන්. ඔක්සිජන් නැතිව, කොන්ක්‍රීට් වලින් සාදන ලද ගොඩනැගිලි, සුවිශාල ව්‍යුහයන් වලට පැවැත්මක් නැහැ. මෙම ව්‍යුහයන් ක්ෂණිකව බිඳ වැටෙනවා.
ඔක්සිජන් කොන්ක්‍රීට් සඳහා විශේෂ බන්ධන කාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔක්සිජන් නැතිව කොන්ක්රීට් කියන්නේ දූවිලි විතරයි.

ගොඩනැගිලි ගැන කතා කරන විට, ප්‍රතිකාර නොකළ ඒසේත් නැත්නම් අාලේපිත අාවරණ ෙනාමැති ඕනෑම ලෝහයක් ක්ෂණිකව එකට සම්බන්ධ වේ. මෙයට හේතුව ලෝහ මත ඔක්සිකරණ තට්ටුවක් තිබීම නිසා ඒවා එකට වෑල්ඩින් වීම ඒසේත් නැත්නම්  එකිනෙකට බන්ධනය වළක්වයි. එම ඔක්සිකරණයවූ ස්ථරය නොමැතිව ලෝහ ක්ෂණිකව එකිනෙකට බන්ධනය වේ.

මෙවැනි අවස්ථාවක ඔබ වෙරළේ විවේකීව දැඩි අව් රශ්මියක් යටතේ සිටියහොත් මොනවා වෙන්න පුලුවන්ද. ඕසෝන් ස්ථරය, සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා වීම සදහා ඔක්සිජන් වලින් නිර්මාණය වූවක්. ඕසෝන් නිර්මාණය කිරීම සඳහා බන්ධනය වී ඇති ඔක්සිජන් පරමාණු තුනකින් සමන්විත වෙනවා. ඉන් ඔක්සිජන් ඉවතට ගත්තොත්,  පෘථිවිය අතිශයින් උණුසුම් වෙනවා. ඒවගේම සූර්යයාගේ පාරජම්බුල කිරණවලින් අපට ආරක්ෂාවක්ද නැත.

අව්වට හම පිච්චීමට අමතරව අපගේ කණ අභ්‍යන්තරයෙන් පුපුරා යන්නත් පුලුවන්. ඒයට හේතුව  ඔක්සිජන් නැතිවීම යනු අපගේ වායු පීඩනයෙන් 21% කින් අඩු වීමයි. මෙය දැඩි ලෙස වායු පීඩනයෙහි සිදුවෙන වෙනසක් වන අතර, මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් ක්ෂණිකව පහත වැටීම හා සමාන වෙනවා. ෙම් සදහා අනුවර්තනය වීමට අපේ කනට ප්‍රමාණවත් කාලයක් නැහැ.

ඔක්සිජන් නැතිව ගින්නක් ද නැත - වාහනවල දහන ක්‍රියාවලිය ද සිදුවෙන්න බැහැ. ඒනිසා විද්‍යුත් නොවන ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් ස්වයංක්‍රීයව නතර වෙනවා. ගුවන් යානා ක්ෂණිකවම අහසින් වැටෙන්න පුලුවන් වගේම මිලියන ගණනක් මෝටර් රථ අතරමග නතර වනු ඇත.

මේ සියල්ල සිදුවෙමින් තිබියදී, පෘථිවි පෘෂ්ටය ද සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. එයට හේතුව පෘථිවි පෘෂ්ටය 45% ක් ඔක්සිජන් වලින් නිර්මාණය වී තිබීමයි. මතුපිටට ඔක්සිජන් සම්බන්ධ නොවන බොහෝ දේ ඉතිරි වී, පෘථිවි කබොල බිඳ වැටී සියල්ල කඩා වැටෙනු ඇත.
නමුත් වාසනාවකට වගේ පෘථිවියේ ඔක්සිජන් සියල්ලම ක්ෂණිකව නැතිවීම  කිසි විටෙකත් සිදු නොවන දෙයක්,  නමුත් ඔක්සිජන් වල වටිනාකම දැන් ඹබට හොදටම වැටහෙනවා අැති.

පෘථිවියේ ඔක්සිජන් සියල්ලම අතුරුදහන් වුවහොත්... පෘථිවියේ ඔක්සිජන් සියල්ලම අතුරුදහන් වුවහොත්... Reviewed by Seekers Zone on June 01, 2020 Rating: 5

No comments