Home Top Ad

සඳ පෘථිවියට වැටුනහොත් කුමක් සිදුවේද | What If the Moon Fell to Earth?

සඳ හදිසියේම පෘථිවියට ළං වීමට පටන් ගත්තොත් නම් කුමක් සිදුවෙයිද? What If the Moon Fell to Earth?එය අපේ පෘථිවිය සමඟ ගැටීමක් කරා යන තැනට පත්වෙයිද? ඒම අනතුරෙන් පෘථිවිය අාරක්ෂාවෙයිද? ගුරුත්වාකර්ෂණය නිසා සඳ විනාශකර දමනු යනු ඇත්ද? 

සඳ පෘථිවියට වැටුනහොත් කුමක් සිදුවේද යන්න අපි අද කථා කරමු.
තවමත් ඹබ අපගෙ චැනලය Subscribe කර නැත්තම්, Subscribe බට්න් ඒක click කර අප හා ඒක්වන්න.
 චන්ද්‍රයා යනු පෘථිවියේ එකම ස්වාභාවික චන්ද්‍රිකාව වන අතර අපගේ රාත්‍රී අහස දීප්තිමත් කිරීමට ඇති විශාලතම වස්තුවයි.


මීට වසර බිලියන 4.6 කට පෙර  චන්ද්‍රයා  නිර්මාණය වී අැති අතර එය සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී  දළ වශයෙන් වසර මිලියන 30 ත් 50ත් අතර කාලයකට පසුව අැති විය. චන්ද්‍රයාගේ විෂ්කම්භය කිලෝමීටර 3,475 ක් පමණ වන අතර එහි ස්කන්ධය පෘථිවි ස්කන්ධයෙන් 0.01 ක් පමණ වෙනවා. ඒමෙන්ම චන්ද්‍රයා පෘථිවි ග්‍රහයාගේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ වෙනවා. සඳෙහි විවිධ කොටස් වල විශාල වශයෙන් වෙනස් උෂ්ණත්වයන් පවතිනවා. එය සෙල්සියස් අංශක -173  තරම් සීතල විය හැකි අතර සෙල්සියස් අංශක 127 තරම් උණුසුම් වියද හැකිය.

චන්ද්‍රයාගේ වායුගෝලය ද ඉතා සිහින්ය. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මතට චන්ද්‍රයා ඇද ගැනීමෙන් චන්ද්‍රයා අපගේ වඩදිය බාදිය ඇති කරයි. චන්ද්‍රයා සාමාන්‍යයෙන් පෘථිවියේ සිට කිලෝමීටර් 384,400 ක් දුරින් පිහිටා ඇති අතර එම දුර දළ වශයෙන් පෘථිවි අටක ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. සඳෙහි මතුපිට ආවාට නිර්මාණය වී ඇත්තේ විවිධ වල්ගා තරු හා ග‍්‍රහක කඩා වැටීම නිසා යැයි සැලකෙනවා. සඳෙහි එක් පැත්තක කිලෝමීටරයකට වඩා පළල ආවාට 300,000 කට වඩා තිබෙනවා. ඒවගේම සෑම දින 29 කට වරක්ම චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරයි.

සඳ පෘථිවියට කඩා වැටුණොත් කුමක් සිදුවේද යන්න අපි දැන් කථා කරමු.


පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් පය තැබූ පළමු හා එකම ස්ථානය චන්ද්‍රයාය. සඳෙහි ගුරුත්වාකර්ෂණ ඇදීම පෘථිවියේ වඩදිය බාදිය ඇති කරයි. වඩදිය බාදිය සාගරවල ජීවයට ගොඩබිමකරා යාමට දිරිගැන්වීමක් ලෙස සැලකිය හැකිය. මෙම ඇදීම පෘථිවිය එහි අක්ෂය මතට තල්ලු කිරීමෙන් වළක්වන අතර අපගේ දේශගුණයද සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගන්නවා.

කෙටියෙන් කිවහොත්, චන්ද්‍රයා මගින් පෘථිවිය වඩාත් ජීවත්විය හැකි ස්ථානයක් බවට පත් කරනවා. එය හදිසියේ වේගවත් වී පෘථිවි දිශාවට ගමන් කිරීමට පටන් ගන්නේ නම් කුමක් වෙයිද? චන්ද්‍රයා රොචේ සීමාවට ඒසෙත් නැත්නම් රොචේ ලිමිට් නමින් හදුන්වන ස්ථානයට ළඟා වූ මොහොතේම කැබලිවලට කැඩී යනු අැත.
රොචේ සීමාව යනු ආකාශ වස්තුවක්, එහි ගුරුත්වාකර්ෂණ බලය මගින් කුඩා ආකාශ වස්තුවක් එකට තබාගෙන, ඒම කුඩා ආකාශ වස්තුවේ ගුරුත්වාකර්ෂණ බලයන් පළමු ආකාශ වස්තුවේ ගුරුත්වාකර්ෂණ ස්වයං ආකර්ෂණය ඉක්මවා යන සීමාව ලෙස හදුන්වනවා.

වෙනත් විධියකට කිවහොත්, චන්ද්‍රයාට අපේ පෘථිවියට කිලෝමීටර් 18,470 ක දුරක් දක්වා ලං විය හැකිය, ඊට වඩා ලංවුවහොත් චන්ද්‍රයා පුපුරා යනවා. ඒම පිපිරීම නිසා පෘථිවියේ සමකයට ඉහළින් කිලෝමීටර් 37,000 ක විෂ්කම්භයකින් යුතු සුන්බුන් වළල්ලක් සෑදීම සිදුවෙනවා.

පෘථිවියේ මෙම වළලු, සෙනසුරුට පසුව සෞරග්‍රහ මණ්ඩලයේ වළලු සහිත දෙවන ග්‍රහලෝකය බවට පෘථිවිය පතිකිරීමට සමත් වෙනවා. වෙනසට තියෙන්නෙ පෘථිවියේ මෙම වළලු  වැඩි කල් නොපැවතීමයි. සඳෙහි කැබලි පෘථිවිය මතට ඇද හැලීම සිදුවෙනවා - පළමුව කුඩා කැබලිද, පසුව විශාල ඒවාද වැටීම සිදුවෙනවා.
එය හරියට ලක්ෂ සංඛ්‍යාත ග‍්‍රාහක අප මතට වැටී මුළු නගරයක්ම විනාශකර දමන්නාක් වෙගෙ සිදුවෙනවා. නමුත්, ඇත්ත වශයෙන්ම, චන්ද්‍රයා පෘථිවියට කඩා වැටීමට බොහෝ කලකට පෙර අපට ඒය දැනගන්න පුලුවන්… චන්ද්‍රයා පෘථිවිය දෙසට ගමන් කිරීම ආරම්භ කළ විට, එය අපට ඇති උදම් බලපෑම වැඩි කරනවා.
එය රොචේ සීමාවට ළඟා වන විට, එය මීටර් 7,600 තරම් ඉහළ වඩදිය බාදිය ඇති කරනවා. අපේ ලෝකය සුනාමි මාලාවක් මගින් විනාශ වෙනවා - දිනකට දස වතාවක් වුනත් සුනාමි අැතිවෙන්න පුලුවන්.
සුනාමි ජල තරංග කොතරම් විශාලද කියනවා නම් ඔවුන් සාගර පතුල නිරාවරණය කර ඒම ජලය මගින් ගොඩබිම අැති සියල්ල විනාශ කර දමනවා. අනෙක් අතට, මෙය ගෝලීය උනුසුමට විසඳුමක් බවට පත්වන්න පුලුවන්. 

චන්ද්‍රයා සමීප වීමත් සමඟ පෘථිවියේ භ්‍රමණය වේගවත් වෙනවා. ඒයින් දවස් කෙටි වෙනවා. ගෝලීය උෂ්ණත්වය පහත වැටෙනවා, දේශගුණික විපර්යාස තවදුරටත් අැති නොවන කරම්. ග‍්‍රාහක පෘථිවියට ගැටෙනසුළු තරම් විශාල නැත්නම්, චන්ද්‍රයා පෘථිවියට කඩා වැටීම ගැන බියවෙන්න දෙයක් නෑ. නමුත් ඒවන විට අප කිසිවෙකු පෘථිවිය මත සිටින්නෙ නෑ... 

ඇත්ත වශයෙන්ම, චන්ද්‍රයා වසරකට සෙන්ටිමීටර 4ක් ඒනම් අඟල් 1.5 ක් අපෙන් ඉවතට ගමන් කරනවා. ඒ නිසා පෘථිවියට චන්ද්‍රයා ළං වීම ගැන බියවිය යුතු නැහැ. නමුත් සද මත විශාල ග‍්‍රාහකයක් ගැටුනොත් තත්වය මෙයිට වඩා වෙනස් වේවි.


සඳ පෘථිවියට වැටුනහොත් කුමක් සිදුවේද | What If the Moon Fell to Earth? සඳ පෘථිවියට වැටුනහොත් කුමක් සිදුවේද | What If the Moon Fell to Earth? Reviewed by Seekers Zone on June 07, 2020 Rating: 5

No comments