Home Top Ad

මහද්වීපික චලනයන් (Plate Tectonics Movement) සදාකාලිකවම නතර වුවහොත් කුමක් සිදුවේද...?

මහද්විපික චලනයන් හේතුවෙන් කදු, සාගර, භූමිකම්පා සහ ගිනිකඳු පුපුරා අප හට උරැමවී ඇත. හදිසියේම එය නතර වුවහොත් කුමක් සිදුවිය හැකිද?

මහද්විපික තලයන් : මහද්විප හා ඒ ආසන්න වටපිටාව මහද්වීපික තලයන්ට ඇතුලත් වන අතර, ඒවා නිරන්තරයෙන් චලනය වෙමින් පවතී. මෙමෙ චලනයන් මාරාන්තික ව්යසනයන් සමහරක් ඇති කරීමටද බලපායි. මහද්විපික තලයන් ඇස්ටේනොස්ෆියර් (asthenosphere) නම් දුර්වල තරල ස්ථරයක් මත චලනය වෙමින් පවතී. එය පෘථිවියේ ඉහළ මැන්ටලයේ (කබොල්ල) කොටසක් වන තාරකෝලීය ගණයට අයත් වේ. එය ඝන පාෂාණ ස්ථරයක් වන අතර එය උෂ්ණත්වය හා පීඩනය හේතුවෙන් දියරයක් මෙන් ගලා යයි.

පෘථිවි හරයේ සිට උණුසුම් දියවූ පාෂාණ ඉහලට තල්ලු වන විට, එය සිසිල් වනතෙක් ඇස්ටේනොස්ෆියර් (asthenosphere) ස්ථරය දිගේ විරැද්ධ දිශාවට ගමන් කරයි.
මෙම කිරියාවලිය සංවහන ලෙස හැඳින්වේ. මෙය විශාල ගැටීම් හා නාය යෑම් වලට හේතුවේ. 

මහද්විපික චලනයන් නතරවීම සදහා ඇස්ටේනොස්ෆියර් (asthenosphere) ස්ළුරය සිසිල් වී සංවහන කීරියාවලිය නතරවිය යුතුය‍. එය සිදු වුවහොත් පෘථිවියේ මතුපිය පෘෂ්ඨය ඝන(solidified) ස්ථරයක් වනු ඇත. සාමාන්‍යෙයන් පිටත පෘෂ්ඨයේ දියර ස්ථරය මගින් පෘථිවි හරයේ සිට පිටත කබොල්ල දක්වා තාපය සන්නයනය කරයි. මෙම තාප සන්නයන කිරියාවලිය නතර වුවහොත් පෘථිවිය අයිස් ගහලොවක් (planet of ice) හෝ ගිණි බෝලයක් (fireball) වනු ඇත. 



එය සිදුවිය හැක්කේ මෙසේය, පෘථිවි හරයේ සිට තාපය පිටත පෘෂ්ඨයට පැමීණීමට නොහැකි වීම මගින් පිටත පෘෂ්ටය අධික ලෙස සිසිල් වී අයිස් ගෝලයක් බවට පත්විය හැක‍. එසේත් නොමැතිනමි, පෘථිවි හරයේ සිට තාපය පිටත පෘෂ්ඨයට පැමීණීමට නොහැකි වීම මගින් ඇතුලත උෂ්ණත්වය වැඩිවී පෘථිවි ගෝලය දැවි යා හැකිය.


වසර දහස් ගානක සිට සිදුවන මහද්විපික චලනයන් හේතුවෙන් එවරස්ට් වැනි විශාල කදු ද, භයානක ගිණි කදු ද ඇ ති වී ඇත. මහද්විපික චලනයන් නතර වීම මගින් පෘථිවිය මත අලුත් දෑ නිර්මාණය වීම නතර වේ. තවද භූ චලන ආදිය විශාල ලෙස අඩු වීම, දැනට පවතින ගිණි කදු ආදිය විශාල ලෙස සකීය වීම සිදු විය හැකිය. 

පෘථිවි චුම්භක ක්ෂේත්රය පිටත පෘෂ්ටය හා හරය ඇතුළත සංවහන ධාරා මගින් බලගැන්වෙයි. නමුත් මෙම ක්රියාවලිය අක්රීය වුවහොත් අපේ චුම්බක ක්ෂේත්රය නැතිවී යයි. චුම්බක ක්ෂේත්රයෙන් තොරව, පෘථිවිය මාරාන්තික සූර්ය කිරණවලින් වැඩි ආරක්ෂාවක් නැත. එයට හේතුව සාගර ජලය හිදී ගොස් පෘථිවිය මත ජීවයෙන් තොර විය හැකිය. 

අවසාන වශයෙන් කිවහොත්, මහද්විපික චලනයන් පිළිබද බියක් ඇති කර ගත යුතු නොවේ. මන්ද යත් මහද්විපික චලනය වන්නේ අපගේ ඇගිලිවල නියපොතු වැවෙනවා හා සමාන වේගයකිනි. 

Source : insh.world
මහද්වීපික චලනයන් (Plate Tectonics Movement) සදාකාලිකවම නතර වුවහොත් කුමක් සිදුවේද...? මහද්වීපික චලනයන් (Plate Tectonics Movement) සදාකාලිකවම නතර වුවහොත් කුමක් සිදුවේද...? Reviewed by Seekers Zone on January 14, 2019 Rating: 5

No comments