Home Top Ad

විද්‍යාත්මකව, ඔබේ මතකය වැඩි දියුණු කරගන්නේ කෙසේද..?

මෙම උපදෙස් ඔබට වඩා වැඩි මතක ශක්තියක් ලබා දෙනු ඇත. ඔයාගේ හොඳම යාළුවාගේ උපන් දිනය කවදාද?  ඔබට වැදගත් අය මුලින්ම හමුවූයේ කවදාද?

ඔබේ මොළයේ ගබඩා කළ ධාරිතාව ගැන ඹබ දන්නවාද. Northwestern University යේ මනෝවිද්යාව උගන්වන මහාචාර්ය පෝල් රබර්ට අනුවෙ, ඔබේ මොළයේ නිල ධාරිතාව වන්නේ දළ වශයෙන් ගිගාබයිට්  මිලියනයකි. එය රූපවාහිනී වැඩසටහන් පැය මිලියන 3ක පමණ ධාරිතාවකි.

ඔබ වයස අවුරුදු 40 ත් 60 ත් අතර නම්, දිනකට රූපවාහිනිය පැය 4 කට වඩා වැඩි කාලයක් නරඹන විට ඩිමෙන්ශියා රෝගය(dementia) පිළිබඳ අවදානම වැඩිවිය හැකි බව අධ්‍යයනවලින් පෙනී යයි. 

දිනකට ව්යායාම් කිරීම විනාඩි 10 ක් කිරීමට ඔබට හැකි නම්, ඔබට වඩා හොඳ මතකයක් ලබා ගත හැකිය. සැහැල්ලු වියායාම වලින්පවා මොළය‍ෙ මතකයන් නිර්මාණය සමග සම්බන්ධ වන මොළයේ කොටස් දෙකක් වන ඩිසයිට් ගයිරස් හා හයිපොකම්පස් අතර සම්බන්ධතාව ශක්තිමත් කරයි. 


ඔබ වැඩකරන වේලාවෙන් පසුව හොඳින් ලබන විවේකයක් ගන්න! දිනපතා නින්ද ඔබේ මනස සඳහා විවේකය ලබාදේ. ඔබ නිදා සිටියදී ඔබේ මොළය එදින කලදේ සහ අත්දැකීම් ගැන අනාගතයේ මතකය ආවර්ජනය සඳහා මතක තබා ගැනීමට දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කරයි. 

කැෆේන් (Caffeine) මතකය වැඩි කරයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්යාලයේ පර්යේෂකයන් පිරිසක් ස්වේච්ඡා සේවකයන් පිරිසක් යොදාගනිම්න්, ඔවුන්ගෙන් අඩක් කැෆේන් බෙහෙත් ලබා දී, අනෙක් භාගයට ප්ලාස්බැබෝ (placebo) නම් සුලු බෙහෙතක් ලබාදී මතකයන් පිළිබදව පරීක්ෂන කරන ලදි. එහිදී පර්යේෂකයන් විසින් එම කණ්ඩායම් දෙකම රූප පෙළක් පෙන්වන ලදී. ඊළඟ දවසේදී, ඔවුන් පෙන්වන ලද රූප හඳුනාගැනීමට දෙපිරිසම යොමුකරන ලදි. එහිදී කැෆේන් ලබා දුන් පිරිසට වඩා හොඳ මතකයක් තිබිණි. එහෙයින්කැ ෆේන් ඔබේ මතකය නංවාලීමට උදව් වේ. නමුත් අධික ලෙස කැෆේන් භාවිතය ඔබට අහිතකර විය හැක.

ඔබගේ ආහාර ලැයිස්තුවේ ෆ්ලේවොනොයිඩ සහිත ආහාරයක් තැබිය යුතුම අතර, එහි ගුණාංග රාශියක් පවතී. 
ෆ්ලේවනොයිඩ් (Flavonoids) යනු මූලිකවම ඔබේ හෘදයට යහපතක් වන ශාක රසායනිකයකි. තවද ඒවා මතකය රඳවා තබා ගැනීම ද වැඩි කරයි. බ්ලූබෙරීස් (blueberries) හා කොකෝවා (cocoa) වැනි ෆ්ලේවනොයිඩවල (Flavonoids) ඉහළ ආහාර මතකය වැඩි දියුණු කරයි. පර්යේෂණය තවමත් තීරනාත්මක නොවූවද, කෘෂිකාර්මික හා රසායනික සඟරාවේ පළ වූ එක් අධ්යයනයකින් හෙළි වී ඇත්තේ සති කීපයක් තුල දිනකට දෙවරක් බ්ලූබෙරීස් ආහාරයට ගැනීමෙන් පසුව මතකයට වඩා මන්දගාමී බවක් දැකිය හැකි බවයි. එමනිසා ඔබ ගන්නා ආහාර ගැන හිතනවාට වඩා හොඳ නින්දක් හා වියායාම ගැන සිතිය යුතුය.

-------------------------
Follow us on Facebook

-------------------------

Sources

විද්‍යාත්මකව, ඔබේ මතකය වැඩි දියුණු කරගන්නේ කෙසේද..? විද්‍යාත්මකව, ඔබේ මතකය වැඩි දියුණු කරගන්නේ කෙසේද..? Reviewed by Seekers Zone on February 22, 2019 Rating: 5

No comments